රනිල් රාජපක්ෂට අයිස් ගසා                                                  මැතිවරණය ජයගත හැකි ?

                                                                       

                                                                          

                                                                               


                                                                             මැතිරණයක් ගැන ඉගියක් එළියට එනකොට හැමදාම සමාජගත කරන ප්‍රසිද්ධ සංකල්පයන් කීපයකි. එහිදී ජාතික ආරක්ෂාව ,ජාති වාදය, ආගම් වාදය , ත්‍රස්තවාදය , විදේශ බලපෑම  වැනි නොයෙක් සංකල්පයන් මෙතෙක් මැතිවරණවලදී භාවිතා විය. නමුත් දැන් මිනිස්සුන්ට ඒ සියල්ල පරණ තැටිය. රාජපක්ෂ 2010 විදුලි පුටුව භීතිකාව ඇති කරේය. 2015 ජානාධ්පතිවරණයේ දී  මහසෝන් බලකාය , බොදු බලකාය වැනි සංවිධාන හදලා ජාතිවාදය ආගම්වාදය තුලින් ජයග්‍රහණය කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක විය. අවසානයේ එම දිගුවම 2019 දක්වා ඇදගෙන යමින් වද කොත්තු, වද බෙහෙත්, වද දොස්තරලා සමාජගත කරමින්  පාස්කු දවසේ බොම්බ ගසා ත්‍රස්තවාදය , ජාතික ආරක්ෂාව ගැන දැඩි බියක් රට තුල ඇති කරමින් ගෝඨාභය බලයට ආවේ ය. මේ සියල්ල සිදු වී හමාරය. සිදු වෙච්චි දේවල් සිදු වූ පසුව  වර්ණනා කර කර කියන එක පහසුය. හැබැයි අසීරුවන්නේ ඉදිරියට සිදුකිරීමට යන්නේ කුමක්ද යන්න පැවසීමයි. එයට ජෝතිෂය , අනාවැකි අවශ්‍ය නොවේ. අතීත උගත් පාඩම් හොදටම ප්‍රමාණවත් ය.                                                                          රාජ පක්ෂලා යනු ලේසි පහසු නොවන පුද්ගලයන් බව දැන් රටට ම අනාවරණය වී හමාරය. උන්ටම හරි ගිය හිරු, දෙරණ  වැනි මාධ්‍ය ද ඇත . ඕනි මගුලක් හිරිකිතයකින් තොරව සමාජගත කරන්න එම මාධ්‍යන් දේපාරක් නොසිතයි. රාජපක්ෂලාගේ අවලන් දේශපාලන ගේම් සියල්ලේ සැබෑ හිමිකරුවන් වන්නේ එක් අතකට හිරු සහ දෙරණයි. රටේ මිනිස්සුන්ට නයි පෙන්නපු දිලිත් ජයවීරට දෙවෙනි වතාවට ගැරඩියෙක් පෙන්නන එක ද එතරම් ලොකු දෙයක් නෙවෙයි. මොන සංකල්පයන් සමාජගත කර මිනිස්සු අන්දලා බලයේ සිටියත් ආර්තික ප්‍රශ්න හමුවේ බඩේ පාර වදින විට මිනිස්සුන්ට සියල්ල වැටහී රාජපක්ෂලාට ගහලා පැන්නුවේ ලෝකයට ම පාඩමක් උගන්වමිනි.  නමුත් රාජපක්ෂලා ඉන් මොකුත් ඉගෙන ගෙන නොමැති බව නම් ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකාලාපය තුලින් පෙනෙන්නට ඇත.  ඒ නිසාවෙනි ඔවුන් බලය වෙනුවෙන් ඊලග ගේම් එකට සැරසෙනු ලබන්නේ.  ඒ අලුත් ම සංකල්පය  වනුයේ අයිස් ප්‍රමුඛ මත්ද්‍රව්‍යයි. රනිල් ද දැන් වීරයා වගේ මත්ද්‍රව්‍ය වටලයි.  බැලූ බැල්මට මේක අලුත් සංකල්පයක්, අලුත් ගේම් එකක් නැතිනම් තිර රචනයක් වගේ පෙනුනාට මේක අලුත් ම නොවෙයි . අරගලය අවසන් වූ වහාම ටිකෙන් ටික මෙම සංකල්පය සමාජගත කරන්න ඔවුන් ක්‍රියාකල බව අපට මතකය. අරගල භූමියේ තිබී ගංජා පැල, වෙනත් මත්ද්‍රව්‍ය ලැබුණු බව   හිරු , දෙරන වාර්තාකරනු ලැබුවේ මීට මාස ගණනකට පෙරය. ඒ අරගල භූමිය කඩා ඉවත්කරන අවස්තාවේදීය.

                                                   
                                 
                                 ඉන් අනතුරුව ටිකෙන් ටික මිනිස්සුන්ට නොදැනෙන්න මේ අයිස් සංකල්පය මිනිස්සුන්ගේ ඔලුවට දාන්න විය.  දැන් පාසල්, විශ්වවිද්‍යාලය මත්ද්‍රව්‍ය තෝ තැන්නක් වී ඇති බව රටට ම කියමින් ඇත. පාසල් සිසුන්ගේ බස් පවා බල්ලන් දමා පරීක්ෂා කරනු ලබයි. දෙමාපියන්ගේ අනාගතේ දරුවන්‍ ය. දරුවන් වෙනුවෙන් දේමාපියන් ඕනි දෙයක් කරයි. මීලගට රාජපක්ෂ සැලසුම් කරන්නේ දරුවෝ අයිස් ගසා වැනසෙයි. දරුවන් අයිස් වලින් බේර ගන්න අපිට ජන්දය දෙන්න කීමටයි. මත්ද්‍රව්‍ය රටට එන ප්‍රදාන මාර්ගයන් දෙකක් තිබේ. ඒ ගුවන් තොටුපල සහ වරාය ප්‍රමුක  මුහුදයි. එම ස්ථානවලට අවශ්‍ය පිලියම් නොගෙන මත්ද්‍රව්‍ය රට පුරා විහිදෙන්න ට ඉඩ හැර පාසල් පරික්ෂාකර බැලීම කොතරම් අපත වැඩක් ද. කරත්තයක බදින ගොනාට මුන්ට වඩා මොලයක් ඇත. 
                                                                
                                                             

                                   මොකද කුඩු ගේන්නෙත් උන්මය. මැතිවරණය වලට කෝටි ගනන් වියදම් කරමින් සැණකෙළි පවත්වනු ලබන්නේ කුඩු සල්ලිවලිනි. නාකොටික් එකෙක් කුඩු  ලංසාගේ ගේ වැටලු වෙලේ මහින්ද හෙලිකොප්ටර් එකෙන් ගොස් ඔහුව බදාගෙන බේර ගනු ලබන්නේ ඒ කුඩු සල්ලි නැතිව මොකුත් කල නොහැකි නිසාය. පාතලය ද ඔවුන්ගේය. මාධ්‍ය ද ඔවුන්ගේ ය.  මාධ්‍ය යොදා ගනිමින් ඔවුන් කරන ඕනි කුප්පවැඩක් මිනිස් මනසෙන් අයින් කර මිනිස්සුන්ගේ මොලය හෝදලා හරි බලයට ඒමට හැකි බව ඔවුන් විශ්වාස කරයි. එය මෙතෙක් සිදු විය.  වර්තමානයේත් අපට එය එසේ සිදු කිරීමට නොහැකිවේ යැයි කිව නොහැකිය . ඒ අපේ රටේ මිනිස්සුත් බහුතරයක් බත් කන ගවයන් නිසාය . මිනිස්සු තේරුම් ගත යුත්තේ එක දෙයයි. ඒ තවදුරටත් රනිල් රාජපක්ෂ ප්‍රමුක මාධ්‍යට රැවටෙනවා උන්ගේ ගේම්වලට රැවටෙනවා ද යන්නයි.
                        
                                 අරගලයට සැබැවින්ම විශ්වවිද්‍යාලය ප්‍රබල පිටුවහලක් විය. කොහොමත් රජයට විශ්වවිද්‍යාල හිසරදයක් . දැන් සැරසෙනු ලබන්නේ විශ්වවිද්‍යාල මුළු මනින්ම වැනසීමටය.  රට තුළ විශ්වවිද්‍යාල පිළිබඳ අයහපත් සංකල්පයන් සමාජගත කිරීමට ය. ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලය පස්ස දොරෙන් ගෙන ඒමට ය. මේ වැනි කාලකන්නි පාලයන් නම් ලෝකයේ කිසිම රටක නැතුව ඇති.අවසානෙට කියන්න වෙන්නේ.  නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කුඩුත් හාමුදුරුවන්ගේ කියා තමා. 
                                                                                   සටහන ÷ ජයත් ශ්‍රි බණ්ඩාර .
                                                           
                                                 

Comments

Post a Comment

Do leave your comment

Popular Posts