උඩවලව ජාතික වනෝද්‍යානය
උඩවලව ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවෙ සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටයි. වලවේ ගඟ හරස් කර උඩවලව ජලාශය ඉදි කිරීම නිසා අසරණවු සතුන්ට රැකවරණය සැපයීම මෙන්ම ජලාධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම උඩවලව ජාතික වනෝද්‍යානය නිර්මාණය කිරීමට හේතු විය.වෙන් කර ඇති භූමි ප්‍රමානය හෙක්ටයාර 30,821( වර්ග මීටර් 119.00) අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී.උද්යානය පිහිටුවීමට පෙර එම ප්‍රදේශය හේන් ගොවිතැන සඳහා යොදාගැනුනි.එම ප්‍රදේශය වනෝද්‍යානයක් ලෙස පර්කාෂයට පත් කල පසු ගොවීන් ක්‍රමයෙන් ඉවත් කරන ලදී. වනෝද්‍යානය කොළඹ සිට කිලොමීටර් 165 පමණ දුරින් පිහිටයි. උඩවලව වනෝද්‍යානය ජලජ පක්ෂීන්ට සහ අලින්ට වැදගත් වාස භූමියකි.මෙය සංචාරකයින්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් වන අතර දිවයිනේ තෙවන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වනෝද්‍යානයද වේ.(මෙය නැරඹීමට නම් මුදල් ගෙවිය යුතුය.
❤
ReplyDelete