ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා 13 සිය ජීවිතයෙන් සමුගත්තේය. මියයනවිට ඒ මහතාගේ වසය අවුරුදු 76 කි. ගායන ශිල්පියෙක්, ගීත රචකයෙක් සහ තනු නිර්මාපකයෙකු වූ නිහාල් නෙල්සන් ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාවේ පෙරළිකාරයා විය. ගීත ඇල්බම 113 ක් නිකුත් කර ශ්‍රී ලාංකික කලාකරුවෙකු විසින් පටිගත කරන ලද වැඩිම ඇල්බම වාර්තාවටද ඔහු හිමිකම් කියයි. නිහාල් උපන්නේ මොරටුවේය. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වූ අතර මව ඉංග්‍රීසි ගුරුවරියකි. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළේ වර්තමානයේ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලය ලෙස හැඳින්වෙන ඉනොසන්ට් මරියා මිශ්‍ර පාසලෙනි. 8 ශ්‍රේණිය සමත්වීමෙන් පසු ඔහු මොරටු මහා විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු 1960 දී උසස් පෙළ සම්පූර්ණ කළේය. එහිදී ඔහු සංගීතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය. නිහාල් නෙල්සන් 1974 දී මාලිනී ශ්‍රියාලතා සමඟ විවාහ වූ අතර මෙම යුවළට එක් පුතෙකු සිටී. කාංචන තරංග නමැති ඔහු ගුවන් විදුලි ශබ්ද පරිපාලකවරයකු ලෙස සේවය කරයි.
නිහාල් නෙල්සන් ගායකයෙකු ලෙස පාසල් වේදිකාවේ මෙන්ම මොරටුවේද ඉතා ජනප්‍රිය විය.ඔහු සිය මයික්‍රෙෆා්නය එහාට මෙහාට දඟකවමින් ගීත ගායනා කරන හැටි සිත්ගන්නා සුළු විය. ඔහුගේ ගීත ජනප්‍රිය ශෛලයේ පැවතියත් සමාජ පණිවිඩ සරලව ඉදිරිපත් කර ජනතාව අතරට හොඳින් සන්නිවේදය කරන්නට සමත් ඒවා විය.සංගීත ලෝකයට පිවිසීම ඔහුගේම සංගීත නිර්මාණ හරහා සිදු විය.
මුල් කාලයේ බොහෝ ගීත රචනා කළ සරත් මුණසිංහ (දැනට මීගහවෙල සුමනශාන්ත හිමි ලෙස පැවදිව සිටින) හමු විම ඔහුගේ ජීවිතයේ වෙනසක් ඇති කළේය. 1962 දී ඔහුට ජනප්‍රිය සංගීතඥ ඒ.ජේ.කරීම් මුණගැසුණේ විවාහ උත්සවයකදීය. කරීම් නෙල්සන්ව ජනප්‍රිය නිර්මාපකයෙකු වන ආර්ඒ චන්ද්‍රසේනට හඳුන්වා දුන් පසු ඔහු තවත් නිර්මාණ සඳහා දායක විය.
ඔහු බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කළේය. පෙම් කුරුල්ලෝ ,සක්විති සුවය , ලෝක හොරු , රොදය , හරි යනකොට ඔහොම තමා, සඳුන් , අවුරුදු තාත්තා , වරුසා , මල් , වාලම්පුරි දියමන්ති ඔහු ගී ගායනය කළ චිත්‍රපට අතර තිබේ.
2013 මාර්තු මස 15 වන දින ඔහුගේ 50 වසරක ගායන දිවිය සමරමින් "අවුරුදු 50යි, නිහාල් ඇවිත්" ප්‍රසංගයක් මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2015 දී නෙල්සන්ට 'මොරටුපුර රත්නවිභූෂණ' සම්මානය පිරිනමන ලදී. 2021 ජනවාරි මාසයේදී ප්‍රවීණ ගායකයාගේ නමින් ඔහුගේ උපන් ගම වන මොරටුව රාවතාවත්තේ තුන්වන පටුමග නම් කෙරිණි.
නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කල සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි , අම්මා නැති කාලේ , ලස්සනට පිපුණ වන මල් , කිරි දුන්නේ දරුවන්ටයි වැනි ගීන සියගණනක් මෙරට රසික හදවත් තුල සදා මතකයේ රැදෙනු ඇත.
😢
ReplyDeleteMm asama gayakayek
Delete🥰🥰🥰
ReplyDelete❤️❤️
ReplyDelete😥😥😥
ReplyDelete❤
ReplyDelete❤
ReplyDelete