පීලි  පැනපු මාධ්‍ය භූමිකාව.


                                                            

ශ්‍රි ලංකාව වර්තමානයේ මුහුණලා සිටින ආර්ථික, දේශපාලන හා සමාජීය යන අර්බුදයෙන් සියල්ලට ම වගකිවයුත්තේ මාධ්‍යයි. ජනතාවට නිවැරැදි තොරතුරු පමණක් ලබා දීම මාධ්‍ය සතු වගකීම නොව. ඔවුන්ගේ දැනුම ආකල්ප වර්ධනය ද මාධ්‍ය සතු ප්‍රබල වගකීමකි . කෙටියෙන් ම කිවහොත් මාධ්‍ය යනු සමාජානුයෝජක   කාරකයකි.  ලාංකික ජනතාවගේ ප්‍රබල දුර්වලතාවයක් වනුයේ ඔවුන් ට නිවැරැදි දේශපාලන සමාජානුයෝජනයක් නොතීබීමයි. ඒ නිසා ම පාලකයින් ජනතාව ගොනා ට අන්දවමින් දෙපිල බෙදී රිසි සේ හොරකමින් රට අගාධයට ඇද දැමුවේ ය. මාධ්‍යය ද ජනතාවට දේශපාලන සමාජානුයෝජනය ලබා දෙනවා වෙනුව ට දේශපාලකයන්  ට නතු වෙමින් ඔවුන් ට අවශ්‍ය වේදීකාව සකසා දුන්නේ ය. ජනතාව මුලා කළේය. ජනතාවට නයි පෙන්නුවේ ය. මාධ්‍ය ඉතාම දක්ෂ ලෙස  ඇත්ත ප්‍රශ්න යට යැවීමට සමත් විය. දැන් ජනතාව කබලෙන් ලිපට වැටී ඇත. සියල්ල වෙනස් කිරීම ට නම් යහපත් රටක් , සමාජයක් නිර්මාණය කිරීමට නම් සියල්ලට පෙර මාධ්‍ය නිවැරැදි භූමිකාවට ගත යුතුය. මාධ්‍ය  දේශපාලන පක්ෂවලට ගැතිවන තාක් කල්   රට වෙනස් කළ නොහැකිය.  එම නිසා මුලින් ම අරගල කළ යුත්තේ මාධ්‍ය ආචාර ධර්මයන් ඇති කිරීමටය. 

 [සටහන- ජයත් ශ්‍රි බණ්ඩාර]
                                                                                     

Comments

Post a Comment

Do leave your comment

Popular Posts