ඔක්තොම්බර් 27 වබදා කොළඹදී.පැවත්වෙන දැවන්ත ජනතා විරෝධය සමගින්. බහුජන සංවිධාන සහ සිවිල් චරිත විශාල පිරිසක් එක්වෙයි!
රටේ සෞඛ්ය සේවය ඉතා බරපතල කඩාවැටීමක..
මේ ආණ්ඩුව තවත් එය බරපතල කරමින් යනවා. මේ රට මෙහෙම වෙනවා අපිට බලන් ඉන්න බෑ
සමස්ත ලංකා රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් - වෛද්ය ජයන්ත බණ්ඩාර
මේ සටන අපි ජයගමු.. රනිල්ගෙ මර්දනයට අපි බයනෑ. මර්දනයට බය අය අරගලේ නෑ..
නීතීඥ මනෝජ්..ගෝල්ෆේස් අරගල බිම වෙනුවෙන්.
අපි ඉතාම සතුටින් TUCC සමඟ ලාංකීය නිදහස වෙනුවෙන් එක්වෙනවා..
හිරුණ හෙට්ටිආරච්චි
සභාපති- කොළඹ වි.වි. මහා ශිෂ්ය සංගමය
අපිට ලැබිලා තියෙන හොඳම අවස්ථාවක් .. එකතුවෙමු.. සිංහල මුස්ලිම්, දෙමල භේද නෑ.. 27 ත් කොළඹට එනවා..
ධනීෂ් අලී.. සමාජ ක්රියාකාරී
පාසැල් දරුවො පොලුයි බතුයි ඉස්කෝලෙ අරන් එන්නෙ.. දරුවන්ට ඒ තත්වය උදාකර දීලා අපිට බලන් ඉන්න බෑ. 27 අපි රටටම නිවැරදි දිසාව පෙන්නමු.
මහින්ද ජයසිංහ - ගුරු විදුහල්පතිවරුන් වෙනුවෙන්
පාලකයා තම බලය අව භාවිතා කරනකොට ජනතාව ඒක පන්නන එක වෙනවා. Tucc එදත් අදත් අරගලයේ හිටියා.. අපිත් TUCC සමඟ ඉන්නවා.. 27 එකතු වෙමු!
නීතීඥ අමිල- ගෝල්ෆේස් අරගල භූමියෙන්
අද තුන් වේල නෙවේ , එක වේලක් කන්නත් බෑ..
රනිල් රාජපක්ෂලා රට කනවා..
මුන් ඔක්කොම පන්නා දැමිය යුතුයි. 27 පටන් ගමු!
අබේසිරි සහෝදරයා- දුම් රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය
රටේ සැබෑ නිදහස් සටන වෙනුවෙන් එක්වෙමු...
කොස්වත්තේ මහානාම හිමි.
අරගලය ඉවර නෑ.. අපි මේක ජයග්රහණයෙන් කෙළවර කරනවා.. ඒකට එකට එකතුවෙන්න මම ආරාධනා කරනවා .
රායි සහෝදරිය
සමාජවාදී තරුණ සංගමය
අන්තරේ සොයුරන්ගෙනුත් අපි ඉල්ලනවා මෙතෙන්ට එකතු වෙන්න.. 27 වැඩේට එන්න.. අපි TUCC එකටත් ස්තුති කල යුතුමයි. අරගලයට ජයවේවා..
ගෝල්ෆේස් අරගල භූමියේ නිපුණ සහෝදරයා..
අන්තරේ සොයුරන්ගෙනුත් අපි ඉල්ලනවා මෙතෙන්ට එකතු වෙන්න.. 27 වැඩේට එන්න.. අපි TUCC එකටත් ස්තුති කල යුතුමයි. අරගලයට ජයවේවා..
ගෝල්ෆේස් අරගල භූමියේ නිපුණ සහෝදරයා..
ජනතාවගේ අසහනය පුපුරායන දිනය වැඩි ඈතක නොවේ.. ඒකට නායකත්වය දෙන TUCC එක කරන්නේ ඉතා නිවැරදි මෙහෙයක්. අපිත් 27 හයිඩ් එනවා..
ආචාර්ය සුසන්ත .. ගෝල්ෆේස් අරගල භූමිය වෙනුවෙන්
රටේ ජනතාව කැමති ආණ්ඩුවක් හදාගන්න ඉඩදීලා රනිල් රාජපක්ෂ පලයන්..
සමගි වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් සුභාෂ් සහෝදරයා.
❤
ReplyDelete